ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නමැත්තාගේ ඥාති සහෝදරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12ක් සමග අද (21) දහවල් අත්අඩංගුවට ගැනුණු බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 45ත් යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි පොලිසිය පවසන්නේ.
පිළියන්දල ප්‍රදේශයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක්ගෙන් ලද තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්න් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.