කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මෙම කමිටුව මගින් අනතුරට හේතුවූ කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.