ගාසා තීරය තුල පූර්ණ සාගතයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට මිලියනයකට අදික ජනතාවක් සාගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් අණාවරණය කර ඇත්තේ.
මේ අතර ගාසා නගරය වෙත දැවැන්තම ගොඩබිම් ප්‍රහාරය සිදු කිරීම සදහා ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විශේෂ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම නිවේදනය මගින් ඊශ්‍රායල අගමැති පවසා ඇත්තේ ගාසා නගරයේ දකුණු තීරයේ සිටින මිලියනයකට අදික පිරිසක් ඉවත් කිරීම සදහා ජාත්‍යන්තර සංවිධාන සහ සහන කණ්ඩායම් සදහා දැනුම් දී සිටින බවයි.
මෙම ප්‍රහාරය සිදු කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිත දැනුම් දීමක් සිදු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණා.
උණුසුම් පුවත්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි














