ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.
ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දින ගණනක් ආහාර නොගෙන ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරනවා.
කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් ඔවුන්හට හදිසි ප්‍රතිකාර ලබාදිමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගාසා තීරයට ආහාර හා අනෙකුත් සේවා සැපයීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් එහි වෙසෙන ජනතාවට අවශ්‍ය තරම් ආහාර නොලැබීම මෙම උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට හේතු වී තිබෙනවා.
ගාසා තීරයේ මානුෂිය තත්ත්වයන් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව පවතිනවා.