ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා.
ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ.
ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119 දෙනෙකු ළමුන් වන බවයි.
මේ වන විට ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදා බලය තව දුරටත් වර්ධනය කරමින් සිටින බව වාර්තා වනවා.
ඒ අනුව තව දුරටත් යුධ ටැංකි සහ සන්නද්ධ කණ්ඩායම් ගාසා තීරය වෙත ඊශ්‍රායලය යොදවමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














