ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව ඇතැයි වාර්තා වනවා.
ඒ ගාල්ල නගරයට සහ ආශ්‍රීත ප්‍රදේශවලට අද(25) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන්.
ඒ අනුව ගාල්ල වක්වැල්ල, ගාල්ල බද්දේගම මාර්ගයේ ගාල්ල පොලිසිය ඉදිරිපිට. මාපලගම මාර්ගයේ තලාපිටිය, සරෙන්තුකඩේ සහ තනිපොල් ගහ හන්දිය යන මාර්ගයන් මෙලෙස ජලයෙන් යව තිබෙනවා.
එසේම අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ආශ්‍රීත ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවටද වාර්තා වනවා.
නිසිලෙස කානු පද්ධති පිරිසිදු නොකිරීම සහ වැසි ජලය බැස යන කාණු මත අනවසර ඉදිකිරීම් කර තිබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් නිරන්තරයෙන් හට ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.