ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දැනුම් දෙනු ලැබුවා.
එමෙන්ම ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබෙනවා.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකයින්ව දැනුවත් කර තිබුණා.
මෙලෙස දැනුවත් කර තිබියදීත් පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර, ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරී පත්ව ඇති බවවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බවයි එම නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ.