ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දහසක් වෙන්කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර , නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ , රත්න ගමගේ යන මහත්වරුන් ඇතුලු ජනතා නියෝජිතයන් හා රජයේ නිලධාරීන් එම සාකච්ඡාවට එක්ව සිටියා.
මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ රුපියල් මිලියන දහසක වැඩ මාස අටක් ඇතුලත අවසන් කළ යුතු බවයි.