ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු ද වන රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ රාගම පිහිටි නිවසේදී ඔහු අද(15) පස්වරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 65 වන වියේ පසු වූවා.
රංගන ශිල්පියෙක් ලෙස රාජු බණ්ඩාර මහතා දියකැට පහණ ටෙලි නාට්‍යය තුළින් අති දක්ෂ රංගනයක නියැලෙමින් හොඳම නැගී එන නළුවා සම්මානයටද නිර්දේශ වූවා.
ආකාසේ වලා පෙලින්, දන්නවාද ඔයා, හද වේදනා, කඳුලැලි දෑසේ නෑ රඳවා, කෝකිලයා, රෝස මල් කුමාරි, පින්න පිපෙනඳ උලත් එකයි, මා ආදරෙයි මුළු ලොවටත් වඩා ඒම හතාගේ ජනප්‍රිය ගීතවලින් කිහිපයක්.













