ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ.
මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලැව් ගිනි පාලනය කිරීම සදහා ගිනි නිවන බවටයින් 230 ක් යොදවා ඇති අතර තත්ත්වය තවදුරටත් ක්‍රමිකව වර්ධනය වන බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ.
මේ වන විට ප්‍රදේශයේ නිවාස 1500 ක ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සදහන්.
ලැව් ගිනි හේතුවෙන් පැතිර යන දුමාරයෙන් හුස්ම ගැනීමේ අපහසුතා මතු වූ පුද්ගලයින් කිහිප දෙනෙකුද රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










