ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන කාරක සභා පිහිටුවීම, ඊට අයත් නිලධාරීන්හට පත්වීම් ලිපි ප්‍රධානය හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පසුගියදා 12 වනදා පවත්වා තිබෙනවා.
එහිදී ග්‍රාමීය නියෝජිතයින්ට සහ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත් වීම වෙනුවෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘ.ප.නි.ස. නිලධාරීන් යන අයට එම පත්වීම් ලිපි ප්‍රධානය කර තිබෙනවා.
පසුගිය ආණ්ඩුව කාලයේ ගමට ගෙනා සංවර්ධනයට දේශපාලන හිතවතුන්ගේ මැදිහත්වීම් මත ගැටලු ඇතිකරමින් ක්‍රියාත්මක වූ බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය වලක්වා ගැනීමට මෙම පියවර රජයක් ලෙස අපි ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
මෙම සංවර්ධන සභාව මගින් වසම තුළ සංවර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගන්නවා, මින් ඉදිරියට. එහිදී සංවර්ධනය ලෙස පෙන්වූ ගමේ පාර, වැවට එහා ගිය සමාජ සංවර්ධනය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ තුළින් ගමට යන සංවර්ධනය සාර්ථක සංවර්ධන ගමනක් කරා ගෙන යා හැකියි බවත් පසුගිය කාලයේ සංවර්ධනය මුවාවෙන් සිදුවූ විශාල ව්‍යවසනයෙන් මේවන විටත් මිනිසුන් අත්විඳින බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී තිබෙනවා.













