Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්

    ගම්පහ විගමණික දරුවන් වෙනුවෙන් කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 50ක්

    2025-08-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පසුගියදා ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වූ ගම්පහ දිස්ත්‍රික් රැකියා පොල වැඩසටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 248 දෙනෙකු සඳහා ප්‍රතිලාභ ලබාදී තිබෙනවා.

    එහිදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන් 123 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3.75 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර, ඊට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 34 දෙනෙකුද, අ.පො.ස සා/පෙළ සමත් දරුවන් 66 දෙනෙකු හා උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 23 දෙනෙකුද ඇතුළත්.

    මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 125 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 10000ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලයක්ද මෙහිදී බෙදාදී තිබෙනවා.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ආබාධිත විගමණික ශ්‍රමිකයින් තිදෙනෙකු සඳහා සැරයටික් හා ඇවිදීමේ උපකරණ දෙකක් ලබාදීමද මෙහිදී සිදු වූවා.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් සුභසාධන සේවාවන් රැසක් ලබාදෙනු ලබයි.

    ඒ අතරට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර, පාසල් උපකරණ වාර්ෂිකව ප්‍රදානය කිරිමත්, නොමිලේ හිමිවන රක්ෂණයේ ප්‍රතිලාභ ලබාදීම, නිවාස ආධාර, ස්වයං රැකියා ආධාර ලබාදීම ඇතුළු සේවාවන් රැසක් ලබාදීම සිදු කරනු ලබනවා.

    2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇති අතර, 2025 වර්ෂය වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා මේවන විට අයදුම්පත් කැඳවා තිබෙනවා.

    2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන අතර, 2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් හට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

    5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.
    මෙම ශිෂ්‍යත්ව සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැප්තැම්බර් මස 15 දින දක්වා අයදුම්පත් භාරගන්නා අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකි බවද කාර්යාංශය පවසනවා.

    පෙර පුව​තවෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්
    ඊළඟ පුව​ත කර්මාන්ත 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති ප්‍රධානත්වයෙන්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group