අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට් වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 22 කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීමේ වැඩසටහන පවත්වන ලදී.
මෙහිදී පාසල් ළමයින් සදහා ක්‍රීඩා පාවහන්, ක්‍රීඩා උපකරණ රැගෙන යන ගමන් මළු ඇතුළු උපකරණ රැසක් බෙදා දෙන ලදී.
මෙම උත්සවය සඳහා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නාමල් චන්දන කරුණාරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ආර්. ප්‍රභාකරන්, එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සසි රත්නායක, උප සභාපති සංකර් මනිවන්නන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.