අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අද උදෑසන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් සිය අදහස් දැක්වූවා.
ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාතාලයේ සිදුවන කටයුතු ආණ්ඩුව බරපතල ලෙස සලකන බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බවත් ප්‍රකාශ කලා.
එමෙන්ම පාතාලය, කළු සල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් මෙයට සම්බන්ධ බවත්, මෙයට සම්බන්ධ ඇතැම් අය පිටරට සිට මේවා මෙහෙයවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම ක්‍රියාවලියට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින්, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති අතර, එම නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරින් කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
මේ අතර, මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේ සඳහන් කළා,