ගනේමුල්ල සංජීව යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි 23 හැවිරිදි පිංපුර දේවගේ චමිදු තිවංක සහ එම ලිපිනයෙහිම පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන අයයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මොවුන්මෙ ම අපරාධයට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තාවගේ මව හා බාල සොහොයුරා බවටයි අනාවරණය වී ඇත්තේ.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම, මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.