පසුගිය වසරේ නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කර වන්දි ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්රකාශ කළේ, පොළොන්නරුව දිස්ත්රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇති බවයි.
එමෙන්ම වවුනියා, මුලතිව්, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත්වලට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් අක්කර 4324 ප්රමාණයක හානි වූ වගාවන් සඳහා ගොවීන් 3272 වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත බෙදා හැර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේ.