ලිබියාවේ ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩර්නා නගරයට බලපෑ කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තවත් 10,100 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා.
ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත බලපෑ අධික වර්ෂාවෙන් ඇළ වේලි දෙකක් කැඩී යාමෙන් පසුවයි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණේ.