ඊයේ අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී වියළි ගංජා සහ ගංජා පැල සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.
එහිදී වියළි ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 90ක් සමග සැකකරුවෙකු සහ නිවසක කොන්ක්‍රීට් වහලය මත වගාකර තිබූ ගංජා පැල 39ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 36 හා 43 වයස්වල පසු වන හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.














