ගංජා ග්‍රෑම් 86ක් අලෙවිය සඳහා සූදානම් කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අද(16) ගලඋඩ, දික්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින සභිකයෙක් බවටයි වාර්තා වන්නේ.
පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා කරනු ලද හදිසි වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහායක නිලධාරියෙක් ලෙසටද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට(17) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.











