ඇතිමලේ, කැඹිලිත්ත රක්ෂිතයේ දෙහිකොටුව ප්‍රදේශයේදී අක්කර භාගයක පමණ වගාකර තිබූ ගංජා ගස් 7495ක් හා පර්චස් භාගයක පමණ වගා කර තිබූ ගංජාගස් 98532ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර දඹගල්ල, මියාගල රක්ෂිත ප්‍රදේශයේදී ද වැටලීමක් සිදුකර අක්කර කාලක පමණ වගා කර තිබූ ගජා ගස් 3271ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












