ඛනිජ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
නීති විරෝධි ලෙස කැණීම් සිදුකරමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකය මගින් වටලනු ලැබූ විල්පත්තුව අභය භූමිය ආසන්න අරුවක්කාලු ඉල්මනයිට් කැණීම් භූමිය අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් ද ඊට එක්ව සිටියා.
අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ ඛනිජ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මෙවැනි අර්බුද ඇති වන බවයි.