නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලබාගනිමින් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කලේ
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී
ඒ දක්වා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බලපෑමක් සිදු නොකරන බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර ලබාදීම නව ප්‍රතිපත්තිය එළිදක්වන තෙක් අත්හිටුවා තිබෙනවා.














