මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සිය සමාගම ද එකඟ වූ බව ලංකා අයි ඕ සී සමාගම පවසනවා.
මේ අතර අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරන ඉන්ධන මිලේ සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙළිමත් සමග බස් රථ ගාස්තුන් කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත හෙලන අතර මාර්තු 30 වන දින සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.
ඉන්ධන මිල සංශෝධනයට සමගාමිව අනෙකුත් බස් ගාස්තුවල සිදු කෙරෙන අඩු කිරීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද දින නිකුත් කරනු ලැබුවා.
මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.
හඬ පට ධාවකයකෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අදාළ සංශෝධනය සදහා මෙම මස 31 වනදා තෙක් කල් ලබා දෙන ලෙසයි.
හඬ පට ධාවකය