රජයේ මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන මෙම කාරක සභාව පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවද රැස් වනවා.
එම කාරක සභාව ද පස්වරු 2 ට ආරම්භ වන අතර ඒ සදහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.