වත්තල, පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්. පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි පොලීසිය පැවසුවේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත්, අදාළ වැටලීමේදී සැකකරුවන් හය දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













