කෝටි 09 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
යාපනය සහ මන්නාරම ප්‍රදේශවලදී සිදුකළ වටලීමකදී මෙසේ කේරල ගංජා කිලෝ 228 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද අලුයම් කාලයේදී උතුරු නාවක විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන්දෙ දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එහිදී සැකකරුවන් සතුව තිබූ බොට්ටුවද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.