කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස දේවාල හන්දියේ සිට මාහේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හන්දිය දක්වා කොටසේ අද(28) සවස හයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.
අඹේපුස්ස, රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ දේව පෙරහැර හේතුවෙන් මෙලෙස මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරෙන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව අඹේපුස්ස රන්ගල ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයෙන් ආරම්භ කෙරෙන පෙරහැර අඹේපුස්ස දේවාල හන්දියෙන් කොළඹ නුවර පාරට පිවිස අඹේපුස්ස හන්දිය, මාහේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හන්දිය, මාහේන වංගුව දක්වා ගමන් කර නැවතත්ත එම මාර්ගයේම දේවාලය වෙත ගමන් කිරීමට නියමිතයි.
පොලිසිය විසින් ඊට අදාළව නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.