කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණා.
කොළඹ මහා නගර සභාව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි කර ගන්නට සමත් වුයේ නැහැ.
කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා වී තිබුණා.
ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් ඡන්ද 61 ක් ලබා වැඩි ඡන්ද 7කින් තේරී පත් වුනු අතර, සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් ගෙන තිබුණා.
එමෙන්ම බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධාපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත් වුණා.