කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ(27) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ පසුගිය 20 වන දින ගණේමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 17 සහ 20 යන වයස්වල පසුවන කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 30ක සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15ක් බර රන් කැබලි දෙක්ක ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.