
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10% ක දඩයක් පනවා තිබෙනවා. මීට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2 ක් කපා හැරීමටද තීරණය කර ඇති බව සදහන්. මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම නියමිත කාලය තුළ යොමු කළ යුතු පන්දුවාර සංඛ්‍යාවෙන් 2 ක් අඩුවෙන් යොමු කර තිබෙනවා. කොදෙව් නායක රොස්ටන් චේස් විසින් අදාළ වරද පිළිගෙන පැනවූ දඬුවමට එකඟත්වය පළ කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරියට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දෙනවා.














