එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පැවති සමයේ ත්‍රස්තවාදීන් විසින් උතුරුකරයේ වළදමා තිබෙන අවි ආයුධ දකුණේ සිදුකෙරෙන අපරාධ සඳහා යොදා ගන්නා බවට සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතාට දැන්වුවා.
ජීව අත්බෝම්බ 86ක්, ටී 56 වර්ගයේ පතරොම් 321ක්, පැති අවි පතරොම් 3ක් හා මත්කරල් 5,600ක් සමඟ අත්අඩංගුවට ගත් අයෙකු ඇතුළු වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ බව අධිකරණය හමුවේ පැවසුවා.
වව්නියාව නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කාරියක්පෙරුම රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු හා මොහොමඩ් රාසික් නමැති සැකකරුවන් තිදෙනෙකු එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
එම සැකකරුවන් තිදෙනා වව්නියාව කොට්ඨාස විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දුන් බව ද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.