ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟයි. කොළඹ, ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ පැවති තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් තරගයට පිවිසුණා. මේ අනුව පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ඊයේ තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව ලබා දීම මෙහිදී සිදු වුණා. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස් විසින්. ඒ අනුව ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියා. මෙම තරගයේදී යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාම කැපී පෙනෙන සිද්ධියක්. කෙසේ වෙතත් වසර තුනහාමාරකට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4 කට සීමා වන විට නායක චරිත් අසලංක ලකුණු 3 කට දැවී යනු ලැබුවා. මේ අතර එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කළ දසුන් ශානක අවසාන භාගයේදී සුපිරි පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තා. දසුන් ශානක නොදැවී ලකුණු 35 යි. ලකුණු 133 ක ඉලක්කයක් හඹා යාම සඳහා බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ඉනිම ආරම්භ කළා. කෙසේ වෙතත් නුවන් තුෂාර යොමු කළ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තද දෙවැනි කඩුල්ලට ලකුණු 74 ක සබඳතාවයක් ගොඩ නැගු නායක ලිටන් දාස් සහ ටැන්සිඩ් හසන් ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට සමත් වුණා. එහිදී ලිටන් දාස් ලකුණු 32 ක් රැස් කර ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73 ක් ලබා ගත්තා. ඒ අනුව කඩුළු 8 කින් තරගය ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
	උණුසුම් පුවත්
	
				- පාතාලයෝ ජනපතිව විහිලුවට අරන් – විමල් – VIDEO –
 - හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට
 - මත්ද්‍රව්‍ය තොගයක් සමග බණ්ඩාරගමදී දෙන්නෙක් අල්ලයි !
 - උසස් පෙළ ප්‍රචාරණය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – VIDEO –
 - මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවයි
 - මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
 - ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
 - නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
 













