කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා රාත්‍රියේ පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම අපරාධයෙන් අනතුරුව පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ දින කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයට වෙත භාර වීමෙන් අනතුරුවයි.
මෙම සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.