කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙඩික්කරුද එම පිරිස අතර සිටින බවත් පොලිසිය පවසනවා.
වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ කොටහේන ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.
මින් පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානිප්පායි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි බවට සැලකෙන මෝටර් රථයද පිටකොටුව ආමර්වීදිය ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
අදාළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාද මනුෂ්‍ය ඝාතනය සහ අපරාධ රැසකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙක් බවට චෝදනා එල්ල වන බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව පොලිසිය සැක කරන්නේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පවතින ගැටුමක් නිසා සිදු වූවක් බවටයි.













