කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කර බැන වැදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙක් දිඹුලපතන පොලිසිය මගින් අද(14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝසිටා ප්‍රදේශයේ අද(14) දින සිදු වූ ත්‍රීරෝද රථ අනතුරකින් තුවාල ලැබූ තුවාලකරුවෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පසුව එම තුවාලකරුට කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මූලික ප්‍රතිකාර ලබාදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඊට විරෝධය පළ කරමින් තරුණයින් දෙදෙනෙකු කොගටල ප්‍රාදේශීය රෝහලේ කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කළ බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරයකු විසින් දිඹුලපතන පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසිය පවසනවා.