මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
පසුගිය වසරේ රුපියල් බිලියන 341 ක් අච්චු ගසා ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන බිලියන 47ක් පමණක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේතමන් මාසිකව ලබා ගන්නා වැටුප සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවටද සිදු කර තිබූ ප්‍රකාශ මහ බැංකු අධිපතිවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ රජයේ නිලධාරියෙකු ලෙස මාසයකට රුපියල් ලක්ෂ 4 ක මුදලක් ලැබෙන බවයි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










