අධිවේගී බෝට්ටුවක් හඹා ගිය කොලොම්බියාවේ හමුදා බෝට්ටු සහ යුද ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කැරීබියන් මුහුදේදී මෙම වැටලීම සිදු කර ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 113ක් වටිනා එම කොකේන් තොගය මේ වසරේදි කොලොම්බියා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කොකේන් ප්‍රමාණය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.