ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මෙප්පාදි නම් ප්‍රදේශයක් මෙලෙස නායයාමට ලක්ව ඇති අතර එහි සිරවී සිටින පිරිස සොයා ගලවා ගැනීමේ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ද මේ වන විටත් යොදවා ඇති බව සදහන්.
අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.