හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව සහ ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්‍රාවණයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය ඊයේ දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි. ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් නව දෙනෙකුට එරෙහි නඩු විභාගය ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ විභාගයට ගැනුණා. එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ප්‍රශ්නගත අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මානු පර්යේෂණ ආයතනයකින් ලබා ගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට













