ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඊට අදාළ නඩුව ඊයේ දිනයේදී යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.