කෙන්යානු රජයට එරෙහිව එරට පුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටුම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇත්තේ ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමග බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙන්යාව පුරා ඊයේ දිනයේදී දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත් වුණා.1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති සබා සබා නමැති විරෝධතාවේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම විරෝධතා පැවති බව සඳහන්. කෙන්යාවේ, නයිරෝබි අගනුවර ඇතුළු කලාප කිහිපයකම පැවති මෙම රැළි පසුව, මහජන විරෝධතා බවට පත්ව ඇත්තේ ඔවුන් වත්මන් ජනාධිපති විලියම් රූටෝ ට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බවයි එම විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. මෑතකාලීනව පැවති රාජ්‍ය විරෝධී ඒකරාශීවීම් මර්දනයට දැඩි පියවර ගත් කෙන්යානු ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි ඔවුන් එහිදී බල කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














