මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් ඇති බවයි.
කැනඩාවේ සිට අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති අතර එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවය් රේගුව පවසන්නේ.
පසුගිය ජනවාරි 09 වැනි දින මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් හේතුවෙන් මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන ඇති අතර, නමුත් එය දීර්ඝ කාලයක් හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය 25 වැනි දින පරීක්ෂා කිරීමටයි කටයුතු කෙරුණේ.