රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් විදේශීය ගුවන් මගියෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙක්.
ඔහු අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.
සිය ගමන් මලු තුළ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 910 ක ප්‍රමාණයක් සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම කුෂ් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන තිබුණා.