කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ නිදහස් කර ගැනීමට හැකි වූ බවයි.
ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.
මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුනේ ‘එතෙර අපි’ නැමැති සංවිධානය විසිනුයි.
එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබු බව සඳහන්.