හදිසි අනතුරකින් කල්තොට ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේ කල්තො, පින්නකැටිය ප්‍රදේශයේ වලවේ ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මතට කුඹුක් ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය තුවාලකරුවන් දෙදෙනා කල්තොට රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් පමණ වූ කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
කල්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













