කුච්චවේලි ප්‍රාදේශීය සබාවේ සභාපතිවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලෙ මුබාරක් සහ රියදුරු එම්.එම්. ඉර්ෂාඩ් නමැත්තන්ය.
ඒ ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 500,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට පෙර පර්චස් 20ක ඉඩමක් ආවරණය වන බලපත්‍රයක් සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 160,000ක මුදලක් ලබාගෙන ඇති බවත් පසුව ඉතිරි කොටස සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අමතර රුපියල් 500,000ක් ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම පවසනවා.
සැකකරුවන් දෙවන බලපත්‍රය ලබාගැනීමට අදාළ අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නිලාවේලි පොලිසියට භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.










