කුච්චවේලි ප්‍රදේශයේ හෝටලයක් අසල පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ කුච්චවේලි පොලිසියේ නිලධාරීන් විසින් එම පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 47ක් 50ක් පමණ වන උස අඩි පහයි අඟල් හතරක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
කොණ්ඩය පැත්තට පීරා ඇති බවත් නිල් පැහැති සරමක් හැඳ සිටින බවත් දකුණු පාදයේ තුවාලයක සුව වූ කැළලක් ඇති බවත් පොලිසිය පවසනවා.
මෘතදේහය ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













