නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනාය ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ, ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණීf්දී අත්අඩංගුවට ගත් බවයි අපගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් අතරින් එක් පුද්ගලයෙකු 60 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා 65 හැවිරිදි කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විස්කි බෝතල් අසුරා ඇති පෙට්ටි වලින් එම බෝතල් ඉවත් කර මෙම ස්වර්ණාභරණ තොගය එම පෙට්ටි තුළ අසුරා සගවා ගෙන පැමිණ තිබුණා.
වළලු , කරාබු , අත් පළදනා යනාදිය ඇතුලත් මෙම ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.