කිලිනොච්චියේ, අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකු එහි කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පුදගලයා වයස අවුරුදු 35 ක් වූ කනගපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ අළුයම් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.