වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා.
එළඹෙන පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ ඒ සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බවයි නාසා ආයතනය සදහන් කර ඇත්තේ .
පළමු සඳ ගමන සිදුව දැනට වසර 50ක් වනවා.
මෙවර පරීක්ෂණ චාරිකාවට ගගනගාමීන් හතර දෙනෙකු එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
නාසා ආයතනය පවසන්නේ මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.
ආටෙමිස් ටූ නමින් හැදින්වෙන මෙම මෙහෙයුමේ දී ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක පසු නැවත පෘථිවියට පැමිණීම සිදු වනවා.
මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සඳ මත ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි.
මෙහි සාර්ථකත්වය මත නාසා ආයතනය සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් ත්‍රී දියත් කිරීමට නියමිතයි.
එහෙත් 2027 මැද භාගයට පෙර එම මෙහෙයුම සම්පුර්ණ කළ නොහැකි බව විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.